Gossips

රුපිියල අවප්‍රමාණයට හේතු ඒකාබද්ධය කියයි

ආණ්ඩුවේ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල අසාමාන්‍ය ලෙස අවප්‍රමාණය වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ලංකා ඉතිහාසයේ නොවූ විරු ලෙස රුපියල කඩා වැටී ඇති බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
රජයේ වැරදි ක්‍රියාමාර්ග මීට බලපා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.