Gossips

ශ්‍රී ලංකාව සහ එංගලන්ත තරඟයට වර්ෂාව හරස් වෙයි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 05 වන මෙන්ම අවසන් එක්දින තරඟය මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
වර්ෂාව හේතුවෙන් තරඟය තාවකාලිකව නතර කරනවිට එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 132 රැස්කරගෙන සිටියා.
ඒ පන්දුවාර 26 කට මුහුණ දෙමින්.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 06 ක් දැවී ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 366 ක්.