Gossips

ආරාධනා නොකළ මන්ත්‍රීවරුන් නිසා කොලොන්න සම්බන්ධීකරණ රැස්වීමේ උණුසුමක්

කොලොන්න ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැයක පමණ කාලයක් ප්‍රමාද වී ආරම්භ වී තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකළ විරෝධතාවක් හේතුවෙන්. අද පෙරවරු 10 ට පමණ ආරම්භ වූ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් ආරාධනා නොකළ එම පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඉවත් වන්නැයි සම සභාපතිවරුන් කළ ඉල්ලීමක් හේතුවෙන් මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂ කොලොන්න ආසන සංවිධායක පී.අබේනායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොලොන්න සංවිධායක ශාන්ත රත්නායකගේ සම සභාපතීත්වයෙන් මෙම සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වුණා.