Gossips

බිරිඳගේ අනියම් පෙමට සැමියාගෙන් පිහි ප්‍රහාරයක්

සිය බිරිඳට සහ ඇයගේ අනියම් පෙම්වතා බව කියන තරුණයෙකුට පිහියකින් ඇණ බරපතල තුවාල සිදුකළ බව කියන පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා 34 හැවිරිදි එක් දරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මාවනැල්ල, ඉලුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි බිරිඳ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙකු සමඟ කාලයක සිට මෙම අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගත් සැමියා අදාල තරුණයාට නිවසට පැමිණ බිරිඳ සමඟ කතාබහ කරන ලෙස දන්වා ඇති අතර ඒ අනුව ඊයේ (22) අදාල තරුණයා නිවසට පැමිණ බිරිඳ සමඟ කතාබස් කරමින් සිටියදී සැකකරු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනියම් පෙම්වතා බව කියන පුද්ගලයාට සැමියා විසින් පිහි ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එය නැවැත්වීමට මැදිහත් වූ බිරිඳට ද පිහි ප්‍රහාරයක් එල්ලකර ඇති බව සඳහන්.
පිහි ප්‍රහාරයට ලක්වූ තරුණයා සහ බිරිඳ මාවනැල්ල රෝහලට ඇතුළත්කර තිබෙනවා.
පිහි ප්‍රහාරයට ලක්වූ තරුණයාගේ ශරීරයේ ස්ථාන 15ක පමණ පිහි ඇණුම් සලකුණු දක්නට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.