Gossips

සාධාරණය වෙනුවෙන් අත්සන් තැබුණු යෝජනාව

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මැදිහත්වීම ඇතිව සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමේ පෙරමුණක් ඊයේ (19) පිහිටුවා ගත්තා.
මෙම පෙරමුණ සඳහා මෙතෙක් එම සංගමයට විරුද්ධ මතයක සිට කටයුතු කළ සයිටම් ශිෂ්‍යයින්ගේ දෙමාපිය සංසදය ද එක්කර ගැනීම විශේෂත්වයක්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාලයේදී සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ඨ කිරිමේ පෙරමුණ විසින් සකස් කළ යෝජනා මාලාවක් ඉදිරිපත් කෙරුණා.
ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මෙන්ම ඔවුන්ට විරුද්ධ මතකයක සිටි සයිටම් ශිෂ්‍යයින්ගේ දෙමාපිය සංගමය ද අත්සන් තැබුවා.