Gossips

ව්‍යවස්ථා සභාවේ මීළඟ රැස්වීම අනිද්දා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා යළි රැස්වනවා.
කථානායක කාර්යාලය කියා සිටියේ එදින මධ්‍යහ්න 12ට කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව එම සභාව රැස්වන දෙවන අවස්ථාව මෙයයි.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු පත් කිරීම සඳහා වන නිර්දේශ සලකා බැලීමට ද නියමිත බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
එසේම ජාතික පොලිස් කොමිසමේ නිල කාලය පසුගිය 14 වනදායින් අවසන් වූ අතර, ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව රැස්වී පොලිස් කොමිසමට නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම ද සිදුකළ යුතු වනවා.
කෙසේ වෙතත්, අනිද්දා පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභා රැස්වීමේදී පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීම පිළිබද සලකා බැලීමක් සිදුනොකරන බව ද කථානායක කාර්යාලය සඳහන් කළා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරි මණ්ඩලය පත් කරන තුරු කොමිසමේ කටයුතු පවත්වා ගෙන යාමේ බලය වත්මන් නිලධාරි මණ්ඩලය සතු වනවා.