පහර දීමකට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයන් ආරම්භ කළ වර්ජනයට මේ වනවිට තවත් මාර්ග කිහිපයක සේවකයන් ද එක්ව සිටිනවා.
ඇඹිලිපිටිය – මහනුවර, ඇඹිලිපිටිය – රත්නපුර, ඇඹිලිපිටිය – කෑගල්ල මාර්ගවල බස් රථ ධාවනය ද මේ වනවිට නවතා දමා ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ඇඹිලිපිටිය ශාඛාවේ නියෝජිත වසන්ත පල්ලවෙල කියා සිටියේ.
ඔවුන් මෙම වර්ජනය ඊයේ (22) ආරම්භ කරනු ලැබුවේ මොණරාගල – කොළඹ බස් රථ කොන්දොස්තරවරයෙකු ඇඹිලිපිටිය – කොළඹ බස් රථ කොන්දොස්තරවරයෙකුට පහර දීමේ සිද්ධියක් මුල් කර ගනිමින්.
එම පහර දීමෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා.