Gossips

බිම් බෝම්බ ඉවත් කිරීමට ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යාධාර

ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක ආධාර සපයා තිබෙනවා.
එය රුපියල් මිලියන 600කට ආසන්න මුදලක්.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආයුධ ඉවත් කිරීමේ හා අඩු කිරීමේ කාර්යාලයේ නියෝජිත පිරිසක් පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වූ බවයි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.
මෙම වර්ෂය තුළ ඇමරිකා එක්සත් ජනපද අරමුදල් යොදා ගනිමින් වර්ග මීටර් මිලියන 1.86ක් සුරක්ෂිත කර ඇති අතර, ශ්‍රී ලංකාවේ පුපුරණ උවදුරු තුරන් කිරීම සඳහා 2002 වර්ෂයේ සිට ඇමරිකාව ඩොලර් මිලියන 56කට වැඩි ප්‍රමාණයක ආධාර ලබාදී තිබෙනවා.