Gossips

කශෝගි ඝාතන පරීක්ෂණවලට සෞදි රජයේ සහය

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු නිසියාකාරව සිදුකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට සෞදි රජය ඇප කැප වී සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය අදෙල් අල් ජුබියර් ප්‍රකාශ කර තිබෙනවා.
තුර්කි පරීක්ෂක කණ්ඩායම් සමඟ මෙම ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි සපයා ගැනීමට සහය වීම සඳහා සෞදි කණ්ඩායමක් එරටට යවා ඇති බවයි ඔහු ඉන්දුනීසියාවේ සංචාරයක් අතරතුර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර, සෞදියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන්ගේ මාධ්‍ය උපදේශක සවුද් අල් කටානි, ස්කයිප් ඇමතුමක් මගින් ඝාතනය මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී තිබුණා.