Gossips

මහනුවර – නුවරඑළිය පෞද්ගලික බස් රථ වර්ජනයක්

මාර්ග අංක 47 මහනුවර – නුවරඑළිය මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
එම මාර්ගයට මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් අමතර බස් රථයක් යෙදවීමට එරෙහිව එම වර්ජනය ක්‍රියාත්මක බවයි එහි සේවකයින් ප්‍රකාශ කළේ.
ඊට විරෝධය පළ කරමින් එම බස් රථ සේවකයින් අද (23) දිනයේ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සංදේශයක් ද භාර දීමට සැලසුම් කර තිබෙනවා.