Gossips

ගුවන් තොටෙන් ඇල්ලූ විදෙස් මුදල් (ඡායාරූප)

විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව සඳහන්.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලේ වූ පරිගණක දෘඩාංග බහාලනයක් තුළ ඇමෙරිකානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, යූරෝ සහ ශ්‍රී ලංකා රුපියල් යන මුදල් එක්ක සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස සොයාගත් මුදල් තොගයේ මුළු වටිනාකම රුපියල් හැට හතර ලක්ෂ දහතුන් දහස් දෙසිය හැත්තෑ තුනක්.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී. කපිල