Gossips

අයවැයට පෙර එජාප මැති ඇමතිවරුන්ට විශේෂ උපදෙසක්

නොවැම්බර් 05 වනදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ උපදේශයක් ලබාදී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (22) පැවැත්වුණා.
එහිදී අග්‍රාමාත්‍යවරයා මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත්තේ සියළුම දෙනා අයවැය අවසන් වනතුරු පාර්ලිමේන්තුවේ රැදී සිටිය යුතු බවටයි.
එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විවාදයට බඳුන් වන මුදල් පනත් කෙටුම්පත පිළිබදව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මෙම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පැහැදිලි කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.