Gossips

කශෝගි ඝාතනය, ස්කයිප් ඇමතුමකින් මෙහෙය වූ බවට තොරතුරු

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන්ගේ මාධ්‍ය උපදේශක සවුද් අල් කටානි, ස්කයිප් ඇමතුමක් මගින් මෙහෙය වූ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
රොයිටර් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඔහු අදාළ ඇමතුම සෞදි අරාබියේ සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාාලය වෙත යොමු කර ඇති බවයි.
අදාළ ඇමතුම තුර්කි බලධාරීන් විසින් පටිගත කොට ඇති අතර, ජනාධිපති අර්ඩවාන් සතුව එහි පිටපතක් ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනය සඳහා සෞදි අරාබියේ සිට පැමිණි 15 දෙනාගේ හඬ නොව වෙනත් අයෙකු තර්ජනය කරන අයුරු එහි පටිගත වී තිබෙනවා.
ඒ අනුවයි සවුද් අල් කටානි ඊට සම්බන්ධ බව අනාවරණ වී ඇත්තේ.
ඝාතනය පිළිගැනීමෙන් අනතුරුව සෞදි අරාබිය ඔහු තනතුරෙන් ඉවත් කරනු ලැබුවා.
කෙසේ නමුත් කටානි මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිවිටෙකත් කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අවසරයකින් තොරව කිසිවක් සිදුනොකරන බවයි.