Gossips

උද්ධමනය පහළට

පසුගිය සැප්තැම්බර් මාසයේ මෙරට උද්ධමනය අගෝස්තු මාසයට සාපේක්ෂව පහත වැටී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස අගෝස්තු මාසයේදී සියයට 4.7ක් වූ අතර සැප්තැම්බර් මාසයේදී එය සියයට 4 දක්වා පහත වැටී තිබෙනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශකය ද සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 124.4 දක්වා පහත වැටී ඇති අතර, ආහාර වර්ගවල මිල පහත වැටීම ඊට ප්‍රධාන හේතුවයි.
විශේෂයෙන් එළවළු, පොල්, අමු මිරිස් සහ නැවුම් මත්ස්‍ය මිල සැප්තැම්බරයේදී එලෙස පහත වැටී තිබෙනවා.