Gossips

හැමෝම යන එන කුලී රථ මුලස්ථානය හදිසියේම වටලයි

කුලී රථ රියදුරන් හා කුලී රථ සේවක සංගමයේ සේවකයින් විසින් සංවිධානය කළ විරෝධතාවක් අද උදෑසන කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී පැවැත්වුනා.
කුලී රථ රියදුරන්ගේ ශ්‍රමය සූරා කෑමකට ලක්වන බව පෙන්වාදෙමින් ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනා.
එහිදී විරෝධතාකරුවන් විසින් Uber කුලී රථ සේවයට විරුද්ධව එම ආයතනය වැටලීමට පියවර ගැනීමත් සමඟ එහි උණුසුම් තත්වයක් ඇතිවුනා.
මෙහිදී විරෝධතාකරුවන් පෙන්වාදුන්නේ වෙනත් කුලී රථ ආයතන එක් ගමන් වාරයකට අයකරනු ලබන මුදලෙන් අඩක් පමණක් මෙම ආයතනය අයකිරීම රටේ ආර්ථිකයට හානිදායක බවයි.
එම ආයතන විදෙස් ආයතනයක් බවත් එමගින් ශ්‍රී ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයෙන් වෙනත් රටවලට ගලායන බවත් එහිදී ඔවුන් ප්‍රකාශ කළා.
විරෝධතාව හේතුවෙන් නෙලුම් පොකුණ අවට මාර්ගවල රථවාහන තදබදයක් ඇතිවූ අතර එහිදී ඇතිවූ උණුසුම් තත්වය පහතින්.