Gossips

ලද්දු රොෂාන් ඇතුළු 4 දෙනාගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ටී – 56 වර්ගයේ උණ්ඩ 3000ක් සමඟ අත්අඩංගුවට ගත් පාතාල නායක කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන ලද්දු රොෂාන් ඇතුළු සැකකරුවන් 4 දෙනා හෙට දිනය දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා.
සුඛෝපභෝගී වෑන් රථයකින් සියඹලාණ්ඩුවේ සිට ගාල්ල දක්වා මෙම උණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.
වෑන් රථයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා යොදන පතොරොම් 32ක් ද සොයා ගැනුණු අතර, මේවා රැගෙනවිත් ඇත්තේ අම්පාර – පොතුවිල් ප්‍රදේශයෙන් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.