Gossips

මාලදිවයින හදිසි නීතිය දිගු කිරීමට සැරසේ

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් එරට දැන් ක්‍රියාත්මක හදිසි නීතිය තවත් දින 30ක කාලයකට දිගු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි 05 වන දා සිට මේ දක්වා රටේ තත්ත්වය යහපත් වී නොමැති බවයි.
එදින ඔහු දින 15ක කාලයක් සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර, අගවිනිසුරුවරයා සහ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් ඇතුළු ප්‍රතිවාදීන් රැසක් අත්අඩංගුවට ගනු ලැබුවා.
හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඞ් ඇතුළු දේශපාලන ප්‍රතිවාදීන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කිරීම තම පාලනයට එරෙහි කුමන්ත්‍රණයක් ලෙසයි ජනාධිපති අබ්දුල්ලා යමීන් හැදින්වූයේ.