ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.
අද තුන් වන දිනටත් උදෑසන 9ට පමණ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර, ඔහුගෙන් පැය 9කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවටයි වාර්තා වන්නේ.
පසුගිය සිකුරාදා දිනයේදී ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එහිදී පැය 9කට වැඩි කාලයක් ප්‍රශ්න කර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව පසුගිය බ්‍රහස්පතින්දා ද මොහුගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්ණ කරනු ලබන්නේ.