Gossips

කශෝගි ඝාතනය ගැන තවත් හෙළිදරව්වක්

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ සිරුර සෞදියේ කිරුළ හිමි බින් සල්මාන් කුමරුගේ ආරක්ෂකයෙක විසින් රැගෙන ගිය බවට තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.
තුර්කි බලධාරීන් ප්‍රකාශ කළේ මේහර් අබ්දුලාසිස් මුටාරිබ් නැමති ඔහු ඉස්තාන්බූල් ගුවන් තොටුපළේ ප්‍රභූ පිටවීම් දොරටුවෙන් විශාල මල්ලක බහා එය රැගෙන ගොස් ඇති බවයි.
සෞදි රජයේ විශේෂිත පුද්ගලයෙකු බැවින් ගුවන් තොටුපළ ආරක්ෂකයන් ඔහු පරීක්ෂා කර නැහැ.
එමෙන්ම කශෝගි ඝාතනයට සෞදි අරාබියේ සිට පැමිණි 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ එක් අයෙකු කශෝගි කොන්සල් කාර්යාලයෙන් නික්මෙන ආකාරයෙන් ඔහුගේ ඇඳුම් හැඳ ඉන් පිටවී ඇති බව හෙළි වී ඇති තවත් කරුණක්.