Gossips

රේගුව වෙත ලේඛන ඉදිරිපත් නොකර භාණ්ඩ අපනයනය කිරීමට වරම්

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් වෙත ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා ඍජුවම භාණ්ඩ යැවීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් හිමිව තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊට අදාළ විශේෂ ගැසට් නිවේදනය පසුගිය දා නිකුත් කරන ලද බවයි.
ඒ අනුව රේගුව වෙත ලේඛන ඉදිරිපත් නොකර ඇමරිකානු ඩොලර් 3000ක් වටිනා භාණ්ඩ එක් ගනුදෙනුවකදී මෙලෙස අපනයනය කළ හැකියි.
එසේ යවන ලද භාණ්ඩ ලේඛනය අදාළ මාසය අවසානයේ ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කළ යුතු බවයි මුදල් අමාත්‍යාංශය අපනයනකරුවන් වෙත දැනුම් දෙන්නේ.