Gossips

පස්වරුවේ පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

පළාත් කිහිපයකට අද (22) පස්වරුවේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද පළාත්වලට මෙන්ම අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තාවකාලිකව රළු ස්වභාවයක් ගත හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.