Gossips

ගාලු කථිකාව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ගාලු කථිකාව 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ වුණා.
සහයෝගීතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන ගාලු කථිකාවට රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17ක නියෝජිතයන් එක්ව සිටිනවා.
වත්මන් සාගරික අභියෝග ජය ගැනීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සහ කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටළු රැසකට පිළිතුරු සොයා ගැනීම මෙවර සමුළුවේ ප්‍රධාන අරමුණක්.