නිසි පරීක්ෂාවකට ලක් කර නොමැති පානීය ජල බෝතල් වෙළදපොලේ පවතින බවට සමස්ත ලංකා ප්‍රමිතිගත පානීය ජල බෝතල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
විශේෂයෙන් හදුනා නොගත් වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ස්ථාපිත කර ඇති ජල පිරිපහදු මධ්‍යස්ථාන වලින් ලබා ගන්නා ජලය බෝතල් කර මෙලෙස අලෙවි කරන බවයි එම සංගමයේ ලේකම් සුනිල් අතපත්තු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
මෙවැනි ජල බෝතල් කුරුණෑගල, අනුරාධපුරය, මහනුවර වැනි දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් අලෙවි වන බවට පැමිණිලි ලැබී ඇති බව ද ඔහු කියා සිටියා.