Gossips

ඉන්දියාවට සුපිරි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය කඩුලු 8කින් ජය ගැනීමට ඉන්දීයාව ඊයේ සමත් වුණා.
ඉන්දියාවේ ගුහාති හි දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවති එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 322ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දු වාර 42යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් බිඳ වැටී තරඟයේ ජය වාර්තා කළේ ලකුණු 326ක් ලබා ගනිමින්.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා නොදැවී ලකුණු 152ක් රැස් කළ අතර, නායක විරාට් කෝලි ලකුණු 140ක් ලබා සිටියදී දැවී ගියා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්..