Gossips

හිටපු DIG නාලක තුන්වන දිනටත් අදත් CIDයට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (22) යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඒ තුන්වන වරටයි.
පසුගිය සිකුරාදා ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එහිදී පැය 9කට වැඩි කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
එමෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා ද මොහුගෙන් පැය 9කට ආසන්න කාලයක් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කරනු ලබන්නේ.