Gossips

පළාත් සභා ඡන්ද විමසීම් පනතේ සංශෝධන, ඇමති මණ්ඩලයට

පළාත් සභා පනතට යෝජිත තාක්ෂණික සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව බොහෝ දුරට එළැඹෙන සතියේ රැස්වන කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු මෙම තාක්ෂණික සංශෝධන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම ක්‍රියාවලියෙන් පසු අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිත බව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නීති නිලධාරීනි ගයනි ප්‍රේමතිලක කියා සිටියා.
මෙම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් මාසයක කාලයක් ගතවනු ඇති බවයි ඇය සඳහන් කළේ.