Gossips

දුම්වැටි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ දෙදෙනෙකු අත්අඩංගුවට

දුම්වැටි තොගයක් නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන 7ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ යානයකින් පැමිණි මොවුන් දෙදෙනා ගුවන් තොටුපළින් පිටව යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
රුපියල් දහ නව ලක්ෂ 50,000ක් වටිනා දුම්වැටි කාටුන් 195ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන් තොටුපළ රේගුව ප්‍රකාශ කළේ.