Gossips

ඇමරිකාව එකම ලෝක බලවතා වීමේ සිහිනයක – රුසියාව කියයි

ලෝකයේ න්‍යෂ්ටික යුද්ධයක අවදානම අවම කරලීම සඳහා 1987 වසරේදී ඇතිකර ගැනුණු ඇමරිකානු – රුසියානු න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වීම පිළිබඳව රුසියාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ රුසියාව ගිවිසුම උල්ලංඝනය කරන බැවින් තමන් ඉන් ඉවත්වීමට තීරණය කළ බවයි.
ඇමරිකාව තමන් වටා කේන්ද්‍රගත වූ ලෝකයක් බිහිකරලීමේ සිහිනයෙන් පසුවන බව ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව ප්‍රකාශ කළා.
එහෙත් එය සාක්ෂාත් කර ගැනීම සැක සහිත බවයි රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ.