Gossips

පොලීසියේ පෙර වැරදි හරි මග යයි

පොලීසිය ලැයිස්තුගත පෙර වැරදි කියන ලේඛණය ඉදිරියේදී හරි මග ලේඛණය ලෙසට සංශෝධනය කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
කැළණිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
‘‘පොලිසියේ ලැයිස්තු ගත වෙලා තියන පෙර වැරදි කියන වචනය අද පොලිස්පති වරයා හැටියට මම තීරණයක් ගත්තා පෙර වැරදි ලේඛනය නෙමෙයි මේක මීට පස්සේ නීත්‍යානුකූල අවසරය මගේ ලේකම් තුමාගෙන් නියෝජ්‍ය ඇමතිතුමාගෙන් අමාත්‍යතුමාගෙන් ලබාගෙන ප්‍රකාශයට පත් කරනවා පෙර වැරදි ලේඛනයක් නොව එය හරි මග ලේකනයි. සමස්ථ දිවයිනේම මෙය ක්‍රියාත්මක වෙනවා මත්ද්‍රව්‍ය සංහාරය පොලිස්පතිවරයා වශයෙන් මම කාලසීමාව අවසන් විමට ප්‍රථමව පැහැදිලි වෙනසක් ඇතිකරන බව ප්‍රකාශ කරන්න කැමතියි’’