Gossips

මුදල් ඇමති ඉදිරිපත් කළ මිල සූත්‍රය ඇස්බැන්දුමක් – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා

මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ මිල සූත්‍රය ජනතාව මුලා කිරීම සඳහා නිර්මාණය කරන ලද ඇස්බැන්දුමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා බවසනවා.
ඔහු සඳහන් කළේ නිවැරදි මිල සූත්‍රයක් ඉදිරිපත් කළහොත් තමා විශ්විද්‍යාල ඉගැන්වීම් කටයුතුවලින් සමුගන්නා බවයි.
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සූත්‍රයක් හඳුන්වාදෙන බව පවසමින් මුදල් අමාත්‍යාංශය පසුගිය මැයි මස 9 වැනිදා සිට අදාළ ඉන්ධන මිල සූත්‍රය යටතේ
ඉන්ධන මිල සංශෝධනය කිරීම ආරම්භ කළා.
අවස්ථා රැසකදී බොහෝ පිරිස් මෙම මිල සූත්‍රය සකස් කරන ආකාරය ජනතාවට අනාවරණ කරන ලෙස ඉල්ලා සිටියත් මුදල් අමාත්‍යාංශය ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.
කෙසේ වෙතත් පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රය සකස්කරන ආකාරය මාධ්‍යයට අනාවරණ කළා.
මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට අදාළ මිල සූත්‍රයට අනුව ඉන්ධන උපරිම මිල තීරණය වන්නේ වරායේ ගොඩබෑමේ පිරිවැය, සැකසීමේ පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය එකතු වීමෙන්.
මේ අතර ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.