Gossips

රාජ්‍ය ඇමති වසන්ත රට ගැන කළකිරීමෙන්

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබදව කිසිවෙකුත් කතා නොකරන තත්ත්වයක් මතුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු කියා සිටියේ පළාත් සභා සුදු අලියෙක් බවට පත්ව ඇති මෙමගින් ඉතාමත් පැහැදිලි වන බවයි.
බහුතර මතයට අනුව කටයුතු කරන නමුත් පක්ෂය සම්බන්ධයෙන් නොව රට පිළිබදව කළ කිරීමක් පවතින බවයි මාධ්‍යවේදියෙකු එහිදී පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ.