ඇෆ්ගනිස්ථාන මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ක්‍රියාත්මක වද්දී කාබුල් අගනුවර බෝම්බ පිපිරීම් රැසක් වාර්තා වනවා.
ප්‍රහාරයකින් අනතුරුව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ඡන්ද දායකයන් පලා යන අයුරු විදේශ ප්රවෘත්ති සේවා වාර්තා කළා.
කෙසේ නමුත්, මෙම ප්‍රහාරවලින් සිදුවූ හානි පිළිබද තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.
ඇෆ්ගන් පාර්ලිමේන්තුවේ ආසන 250ක් සඳහා අපේක්ෂකයන් 2450ක් පමණ තරඟ වදින අතර ලියාපදිංචි ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව මිලියන 8.8ක්.
මැතිවරණය වර්ජනය කරන ලෙස තලෙයිබාන් සංවිධානය ඡන්ද දායකයින්ට බලපෑම් සිදුකළ අතර, මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය අතරතුර ප්‍රහාර රැසක් එල්ල කළා.