Gossips

4 වන තරගය සහ එක්දින තරගාවලිය එංගලන්තය ජය ගනී

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ අද පැවති 4 වන එක්දින තරගය ඩක්වත් ලූවිස් න්‍යාය අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 18 කින් ජය ගත්තා.
කාසියේ වාසිය දිනා ගත් එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර, ඒ අනුව, නියමිත පන්දුවාර අවසානයේ ශ්‍රී ලංකා පිල කඩුලූ 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 273 ක්.
එහිදී දසුන් ශානක ලකුණු 66 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 52 ක් ලබා ගත්තා.
ලකුණු 274 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 27 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව ඩක්වත් ලූවිස් න්‍යාය මත ජයග්‍රහණය හිමිවුණේ එංගලන්ත කණ්ඩායමටයි.
ඒ අනුව 3 ට බින්දුවක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය ද එංගලන්ත කණ්ඩායමට හිමි වනවා.