Gossips

නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයයි – ඇමති අමරවීර

ඉදිරි ජනාධිපතිවරණයකදී ප්‍රධාන සාධකය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මාතර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට ජන වරමක් ලබා ගත නොහැකි බවයි.
මේ අතර, අනුරාධපුර – තලාව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ ජාතික ආණ්ඩුව තුළ මතභේද ඇති වුවද එය ඉදිරියට යාමට ශක්තියක් වනු ඇති බවයි.