Gossips

දිගන වාර්තාවත් සූදානම්

මහනුවර – දිගන ප්‍රදේශයේ ඇතිවු කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් වන වාර්තාව ළඟදීම ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
අදාල සිද්ධිය පිළිබඳ එම කොමිෂන් සභාව පරීක්ෂණයක් පැවැත්වූයේ පසුගිය මැයි 09 වනදා සිට 12 වනදා දක්වා කාලය තුලයි.
එම පරික්ෂණය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය සහ කොමසාරිස්වරුන් මගින් පැවැත්වූ අතර පරීක්ෂණයට පෙර සිදුවීම් සම්බන්ධයෙන් මහජනතාවගෙන් සාක්ෂි විමසීමක් ද සිදුකරනු ලැබුවා.
වාර්තාව සකස් කිරිමෙන් පසු ඒ ප්‍රසිද්ධ වාර්තාවක් බවට ප්‍රකාශ කිරිමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.