Gossips

ආර්ථික වර්ධනයට අපනයනයෙන් රුකුලක් නැහැ – ලෝක බැංකුව

මේ වසරේ දෙවන කාර්තුවේදී මෙරට අපනයනයන් ආර්ථික වර්ධනයට ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව ලෝක බැංකුව පවසනවා.
එමෙන්ම මෑතකදී මෙරට සිදුකළ බදු ඉහළ නැංවීම් තරඟකාරීත්වයට එරෙහි පියවරක් ලෙසයි එමගින් හැදින්වූයේ.
දකුණු ආසියාව පිළිබඳ සිය ආර්ථික දැක්ම එළිදක්වමින් ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ දේශීය පාරිභෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට වැඩිම දායකත්වයක් දක්වා ඇති බවයි.
ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද එවැනි තත්ත්වයක් දක්නට ලැබෙනවා.
එමෙන්ම, නව ආයෝජන ව්‍යාපෘති ලබා ගැනීම ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වන බව ලෝක බැංකුවේ අදහසයි.