Gossips

එංගලන්තයට 274ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර සිව් වන එක්දින තරඟය මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මකයි.
තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයන් මෝගන් පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 273ක්.
ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
එහිදී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 05ක් සමඟ ලකුණු 52ක් රැස් කළා.
තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ලකුණු 66ක් රැස්කළ අතර තිසර පෙරේරා රැස්කළ ලකුණු සංඛ්‍යාව 44ක්.
දසුන් ශානකගේ දැවී යැමෙන් පසු තිසර සමඟ එක්වූ අකිල ධනංජය 07 වන කඩුල්ලට අර්ධ ශතක සම්බන්ධතාවක් ගොඩ නැගුවා.
පන්දු 26කට මුහුණ දෙමින් එක් හයේ පහරක් සහ හතරේ පහර 02ක් සමඟින් අකිල ධනංජය නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32ක්.
පන්දු යැවීමේදී අඩිල් රෂිඩ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.