Gossips

ගොඩකවෙල රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

ඇඹිලිපිටිය – රත්නපුර මාර්ගයේ ගොඩකවෙල – බලවින්න ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (19) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.