Gossips

රටේ දේශපාලන තත්ත්වය ගැන ජාත්‍යන්තර මාධ්‍යයේත් අවදානය

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව විචාරයක් සිදුකර තිබෙනවා.
ඔවුන් එමගින් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවා ගත් නව දේශපාලන පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමත් සමඟ රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් හටගෙන ඇති බවයි.
දූෂණය සහ ඥාති සංග්‍රහය මෙන්ම යුද අපරාධ චෝදනා එල්ල වී තිබූ හිටපු ජනාධිපතිවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේදී වාර්තා කර ඇත්තේ අනපේක්ෂිත ජයග්‍රහණයක් බවත්, එමගින් සඳහන් කර තිබෙනවා.
විපක්ෂය මෙම මැතිවරණය ආණ්ඩු පක්ෂයට එරෙහි ජනමත විචාරණයක් බවට පත් කරගෙන ඇති බවයි සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.
මහමැතිවරණයක් පැවැත්වීමට තවත් වසර දෙකක ගත විය යුතු වුවත්, හිටපු ජනාධිපතිවරයාගේ නැගී සිටීම ජාතික රජය දැඩි අභියෝගයකට ලක් කරන බවයි එමගින් පෙන්වා දෙන්නේ.