Gossips

ඉතාලි වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ 5 දෙනෙකු අත්අඩංගුවට

ඉතාලියේ වීසා ලබාදෙන බව පවසමින් ලක්ෂ ගණන් මුදල් ජාවාරමේ නිරත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර, තරුණයින් 4 දෙනෙකු සහ කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් හලාවත, බිංගිරිය, නාත්තණ්ඩිය සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ කරගෙන තිබෙනවා.