Gossips

බුධ ග්‍රහයා වෙත සත් වසරක ගමනක්

සූර්යග්‍රහ මණ්ඩලයේ සූර්යයාට සමීපතම ග්‍රහලෝකය වන බුධ ග්‍රහයා වෙත චන්ද්‍රිකා දෙකක් ගමන් ආරම්භ කර තිබෙනවා.
දකුණු ඇමරිකාවෙන් නික්මුණු යුරෝපීය ඒරියන් රොකට්ටුවක් මගින් ඊයේ උඩු ගුවනට රැගෙන ගිය මෙම චන්ද්‍රිකා දෙක නිර්මාණය කර ඇත්තේ යුරෝපය සහ ජපානය ඒකාබද්ධවයි.
බෙපි – කලම්බු ලෙස නම් කෙරුණු මෙම අභ්‍යාවකාශ චාරිකාව ගමනාන්තය වන බුධ ග්‍රහයා වෙත ළං වන්නේ සත් වසරකින්.
බුධ ග්‍රහයාගේ සියයට 60ක් වන ලෝහමය සංයුතිය සූර්යග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේ සංකල්ප හා නොගැලපීම් හේතුවෙන් එම ග්‍රහයා පිළිබඳ විද්‍යාඥයන් තුළ පවතින්නේ කුතුහලයක්.