Gossips

රාවණාට ගිනි තැබූ ඉන්දියානුවන් 60ක් දුම්රියට බිළි

රාවණා රජු පරදා රාම කුමරුන් ලද ජයග්‍රහණය සංකේතවත් කරමින් ඉන්දියාව පවත්වන දුසේරා සැණකෙළියේදී රාවණාගේ අනුරුවකට ගිනි තැබූ ඉන්දියානුවන් 60 දෙනෙකු ඊයේ දුම්රියට බිළි වුණා.
පන්ජාබ් ප්‍රාන්තයේ අමිර්ත්සාර් නුවර පැවති මෙම උත්සවයේදී රාවණාට ගිනි තැබීම සිදුකර ඇත්තේ දුම්රිය මාර්ගයක් අසළ දියි.
රාවණා ගිනි ගනිද්දී, රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වා ඇති අතර, දුම්රිය මාර්ගය මත සිටි පිරිසට දුම්රිය පැමිණෙන හඬ ඇසී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
දුම්රියට යට වූ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු වී ඇති අතර, තවත් හැත්තෑ දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.