Gossips

හිටපු ඩී.අයි.ජී. නාලක ද සිල්වා, සඳුදා නැවතත් රහස් පොලීසියට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට යළිත් වරක් ලබන සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා.
එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේ එදින උදෑසන 9ට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇති බවයි.
ඊයේ දිනයේදී ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එහිදී පැය 9කට වැඩි කාලයක් ප්‍රකාශ ලබාදී තිබුණා.
උදෑසන 9ට එම දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු ඉන් පිටව ගොස් තිබුණේ පස්වරු 6.30ටයි.
පෙරේදා දිනයේදී ද හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය 9කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනු ලබන්නේ.