Gossips

අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවාහැරීම ගැන මත ඇමතිවරුන් පැහැදිළි කරයි

ලංකා බැංකු සහ මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරිමේ බලය ඇත්තේ තමාට බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසනවා.
ගම්පොල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමට ජනාධිපතිවරයා තමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.
ලංකා ආයෝජන මණ්ඩලයල මහජන බැංකුව හා ලංකා බැංකුව යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තීරණය කල බව ජනාධිපති මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කලා.
ඔහු වැඩි දුරටත් සදහන් කළේ ජනාධිපතිවරයා විසින් අදාළ විෂයභාර අමාත්‍යවරුන් හරහා මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසුරුවා හැරීම සිදු කළ බවයි.
ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ආයතන රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ දල ලංකා අයෝජන මණ්ඩලය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා යටතේ පවතිනවා.
ජනධිපතිවරයා ගත් මෙම තීරණය සම්බන්ධයෙන් සාකාච්ජා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමුවනබවට එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය දැනම්දි තිබුනා.
කෙසේ වෙතත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගම්පොළ අද පැවති උස්සවයකදි සදහන් කලේ අදාල ආයතන තුනේහි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරිම සම්බන්ධයෙන් පළවන මාධ්‍යවාර්තා අසත්‍ය බවයි.
මේ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය මංගල සමරවිර මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.