Gossips

පාරේ බඳුන් තබාගෙන පාරේ නිදාගත් අම්මාගේ ඡායාරූපයේ ඇත්ත කතාව

අම්පාර – මහනුවර මාර්ගය බඳුන් තබා නුවරගලතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් මවක් විරෝධතාවයක නිරත වූ ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල පසුගිය දිනවල පලවුණා.
තම ගම්ප්‍රදේශයේ පානීය ජල ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඇය මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි අප කල සොයා බැලිමකදි වාර්තා වුණේ.
නුවරගල තැන්න සහ අරන්තලාව ප්‍රදේශවලට පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල හිගයක් පවතින බැවින් ජල බවුසර් යොදා ගනිමින් මහඔය ප්‍රාදේශීය සභාව ජලය ලබාදීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාල ජල බෙදහැරිම ප්‍රමාණවත් නොවන බවයි ගම්වාසින් පවසන්නේ.
මහඔය ප්‍රාදේශීය සභාව මගින් දින 03කට වරක් පමණක් ජලය ලබා දෙන අතර, අවම වශයෙන් දිනකට වරක් හෝ ජලය ලබා දිමට කටයුතු කරන ලෙසයි ගම්වාසින් ඉල්ලා සිටින්නේ.
අප මේ පිලිබදව මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.එම්.ඉන්දික නිලන්ත ගුණවර්ධනගෙන් විමසිමක් කල අතර ඔහු කියා සිටියේ දැනට අවශ්‍ය පරිදි ජලය ලබාදෙන බවයි.