Gossips

චීන – ශ්‍රී ලංකා සබඳතා ගැන චීනයෙන් පැහැදිලි කිරීමක්

චීනයට පිරිනමා තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් වටිනා නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ඉන්දියාවට ලබාදීම පිලිබඳව චීන රජය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
එහිදී චීන විදේශ කටයුතු අමාත්‍යාංශය චීන – ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් ද පැහැදිලි කිරීමක් කළා.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලූ කෑන් කියා සිටියේ චීනය අනෙකුත් රටවල් සමඟ පවත්වන සබඳතා දෙපාර්ශවයටම වාසිදායක අන්දමින් සිදුකරන බවයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළා.
පුළුල් ලෙස සාකච්ඡා කොට, දෙපාර්ශවයේම දායකත්වයෙන්, දෙපාර්ශවයටම ප්‍රතිඵල ලැබෙන අයුරින් ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම චීනයේ ප්‍රතිපත්තිය බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, චීන – ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් ලක් රජයේ නිලධාරින් සිදුකරන සුබවාදී ප්‍රකාශ පිළිබඳව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයාගේ ප්‍රසාදය පළ වුණා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව නිවැරදි මාවතක ගමන් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.