Gossips

හෙට තරඟයට ක්‍රීඩා කරනවාද ? නැද්ද ? චන්දිමාල්ගේ අලුත්ම තත්වය මෙන්න

එංගලන්ත කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (17) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරඟය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (18) පෙරවරුව වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටි බවට වාර්තා වේ.
චන්දිමාල් මෙම ආබාධය හේතුවෙන් තරඟයෙන් පසුව පැවැති ජය සංකේත ප්‍රදානයට සහ මාධ්‍ය හමුවට සහභාගි වූයේද නැහැ.
එදින රාත්‍රියේම චන්දිමාල්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බව මාධ්‍ය හමුවට සහභාගි වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායකගෙන් ඊයේ (18) කළ විමසීමේදී පැවසුවේ චන්දිමාල් සාමාන්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔහු ඉදිරි තරඟයට සූදානමින් සිටින බවයි.