Gossips

මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට සහ ගාල්ල – මාතර දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි

දිවයින පුරා විශේෂයෙන් කදුකර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මධ්‍යම, ඌව, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ලබන 22 වනදා දක්වා මෙම තත්ත්වය බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම, උතුරුමැද සහ වයඹ පළාත්වලට ද මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.
විශේෂයෙන් නාය යාම් අවධානම සහිත කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එමෙන්ම කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රථ වාහන පදවන්නන් ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.