Gossips

චීනයෙන් නව සඳක්

වසර 2020 වන විට සිය කෘත්‍රිම චන්ද්‍රයෙකු ගුවනේ ස්ථාපිත කිරීමට චීනය සැලසුම් කරනවා.
චන්ද්‍රකා මගින් ආලෝක ධාරා කේන්ද්‍ර ගත කොට නිර්මාණය කෙරෙන මෙම කෘත්‍රිම චන්ද්‍රයා මගින් වීථි පහන් ආලෝකය සඳහා වැය වන අති විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බව චීනයේ විශ්වාසයයි.
මෙම නවෝත්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරෙන්නේ චීනයේ චෙන්ඩු නගරය කේන්ද්‍ර ගත කරමින්.
චන්ද්‍රාලෝකයට සමාන ආලෝකයක් ඊට වඩා 8 ගුණයක දීප්තියක් සහිතව මෙම කෘත්‍රිම චන්ද්‍රයා මගින් පොළොවට පතිත කරනු ඇති.
සුර්යා ලෝකය පරාවර්තනය කෙරෙන සූර්ය පැනල වැනි තටු මගින් මෙම කෘත්‍රිම චන්ද්‍රයා නිර්මාණය කිරීමට නියමිතයි.
කෙසේ නමුත්, එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ආකාරය චීනය මෙතෙක් මුළුමනින් හෙළි කර නැහැ.