Gossips

කොළඹ හදිසි ජල කප්පාදුවක්

අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අද දහවල් 12 සිට හෙට උදෑසන 5 දක්වා පැය 17 ක කාලයක් කෝට්ටේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශය, කොළඹ 05 , කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට ජල සැපයුම එම කාලය තුළ අත්හිටුවනු ඇති.
එමෙන්ම, මහරගම, බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොළඹ 06 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.